Awasan Husma

අවසන් හුස්ම ගිලිහෙන

Lyrics

අවසන් හුස්ම ගිලිහෙන මතුයම් දිනෙක
අයදිමි වරම් මා හට ඉක්මන් වන්න
නුඹ නැති දාක මේ ජීවන මග යන්න
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න

මුහුකුරු සෙනෙහසින් අද සරසණ දිවිය
පෙම් ලොව දුටුව නුඹ දැයි සිතෙනා තරම
රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට
මුවමත ඇදෙන නුඹෙ පෙම්වත් බව අරුම

පැතුවත් තනිව නික්මෙන්නට නුඹට පෙර
මම නැතිදාක නපුරක් නුඹහට වේද
තුන්සිත දැවී හළුවෙයි එය සිතන සද
හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය

අවසන් හුස්ම ගිලිහෙන මතුයම් දිනෙක
අයදිමි වරම් මා හට ඉක්මන් වන්න
නුඹ නැති දාක මේ ජීවන මග යන්න
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න

Awasan avasan husma gilihena mathu yam dineka – Krishantha Erandaka

More from zeo

Featured on

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists