දිය බෙරලිය දළු

Lyrics

දිය බෙරලිය දළු නෙලන්න ගිය දා
වැටුණු අනෝරා මහ වරුසාවේ
කිරිල්ලියක සේ මා උණුසුම් කර
පෑව සෙනේ මට මතකයි කිරිඅම්මේ

හේලංකඩ යට හීතල හෙවණේ
අමල්බිසෝ ගැන කතා කියා දී
ඇගිලි තුඩින් මගෙ හිස සනසාපං
නිවන් පුරේ ගිය පෙම්බර කිරිඅම්මේ

වැලිපිල්ලෑවේ ඔබේ නමින් තව
ඉද්ද පිපෙනවා හැන්දෑවේ
ගරා වැටී ගිය බුලත් පන්දලම්
කදුලු සලනවා සංකාවේ

දිය බෙරලිය දළු නෙලන්න ගිය දා
වැටුණු අනෝරා මහ වරුසාවේ
කිරිල්ලියක සේ මා උණුසුම් කර
පෑව සෙනේ මට මතකයි කිරිඅම්මේ

වියන් ඇදේ මා තනිව නිදද්දී
නුබේ සුවද මයි දැවටෙන්නේ
අනෝතප්ත විල් තෙරේ ඉදන් නුබ
හිනාවෙයන් මට කිරිඅම්මේ

දිය බෙරලිය දළු නෙලන්න ගිය දා
වැටුණු අනෝරා මහ වරුසාවේ
කිරිල්ලියක සේ මා උණුසුම් කර
පෑව සෙනේ මට මතකයි කිරිඅම්මේ

හේලංකඩ යට හීතල හෙවණේ
අමල්බිසෝ ගැන කතා කියා දී
ඇගිලි තුඩින් මගෙ හිස සනසාපං
නිවන් පුරේ ගිය පෙම්බර කිරිඅම්මේ

diya beraliya දියබෙරලිය dalu diyaberaliya nelanna giya da – Harshana Dissanayaka Dissanayake

More from zeo

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists