Nethu Piyami Sihinayaka

නෙතු පියමි සිහිනයක | Nethu Piyami Sihinayaka | Song & Lyrics

Lyrics of Nethu Piyami Sihinayaka

නෙතු පියමි සිහිනයක ඔබේ රුව දකින්නට
පෙනේ ඔබ නෙතු අතර ඉකිබිදින කඳුළු කැට
මගේ සිත ඇතත් ඔබ ළඟම තනි නොතනියට
නොහැක මට උණුසුමින් ඔබට තනි රකින්නට

හඬන්නේ අහස පිණි බිඳු සලා ශෝකයට
සලන්නේ සුසුම් මද පවන දුක් රාවයට
නැගෙන්නේ රැහැයි ගී පාළුවේ ශෝකයට
තැවෙන්නේ ලෝකයට හුදකලා පාළුවට

කියන්නේ කවදාද දැනෙන තනිකම සිතට
ඇසෙන්නේ කවදාද මගේ දුක් ගී ඔබට
ගලන්නේ කවදාද ඔබ සුවඳ මා හදට
වඩින්නේ කවදාද ඔබ මගේ ලෝකයට
ඔබ මගේ ලෝකයට


Nethu Piyami Sihinayaka English Lyrics

Nethu piyami sihinayaka obe ruva dakinnata
Pene oba nethu athara ikibidina kandulu kata
Mage sitha athath oba langama thani notaniyata
Noheka mata unusumin obata thani rakinnata

Handanne ahasa pini bindu sala shokayata
Salanne susum mada pawana duk rawayata
Nagenne rahai gi paluwe shokayata
Tewenne lokayata hudakala paluwe

Kiyanne kawadada danena thanikama sitata
Asenne kawadada mage duka gi obata
Galanne kawadada oba suwada ma hadata
Wadinne kawadada oba mage lokayata
Oba mage lokayata

Artist: T.M. Jayarathne (T M ජයරත්න)

More from tatooflute

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists