Lyrics of Mal Mal Hagumen
මල් මල් හැඟුමෙන් පැතුම් පිරී
සඳෙහී රන්වන් කැලුම් දිදී
ආදර මැද ලැබ සියල් සිරී
සැරදේ පතමී දිගාසිරී
සැපසේ සුවසේ වැඩෙන්නටයි
නැණයෙන් ගුණයෙන් පිරෙන්නටයි
සැමගෙන් හොඳ නම ලබන්නටයි
සිහිනෙන්වත් දුක නොවන්නටයි
පාලා කරුණා දයා ගුණේ
සැමදා සැමටම බෙදා සෙනේ
යුතුකම් ඉටුකර මෙලෝ තලේ
ජය මුතු මාලා දමා ගෙලේ
පාලා කරුණා දයා ගුණේ
සැමදා සැමටම බෙදා සෙනේ
යුතුකම් ඉටුකර මෙලෝ තලේ
ජය මුතු මාලා දමා ගෙලේ
සොම්නස සම්පත ගලන්නටයි
සුවසෙත ජයසිරි සැදෙන්නටයි
උපන්බිමේ සිත පිරෙන්නටයි
පැතුම් විමානය දිලෙන්නටයි
ඉපදුණු රට දැය නඟන්නටයි
හෙළ බස රස මතු කරන්නටයි
මවු පිය දෙදෙනා රකින්නටයි
ජය ටැඹ වෙත පා තියන්නටයි
පාලා කරුණා දයා ගුණේ
සැමදා සැමටම බෙදා සෙනේ
යුතුකම් ඉටුකර මෙලෝ තලේ
ජය මුතු මාලා දමා ගෙලේ
පාලා කරුණා දයා ගුණේ
සැමදා සැමටම බෙදා සෙනේ
යුතුකම් ඉටුකර මෙලෝ තලේ
ජය මුතු මාලා දමා ගෙලේ
Mal Mal Hagumen English Transliteration
Mal mal haugumen pathum piri
Sandehi ranwan kalum didi
Adare meda laba siyal siri
Sarade pathami digasiri
Sepase suwase wadenntai
Nananen gunayen pirenntai
Samagen honda nama labanntai
Sihinenvath duka nowanntai
(Pala karuna daya gune
Samada samatama beda sene
Yuthukam itukara melo thale
Jaya muthu mala dama gele)..//
Somnasa sampatha galanntai
Suwasetha jayasiri sadenntai
Upandine sitha pirenntai
Pathum vimanaya dilenntai
(Ipadunu rata daya naganntai
Hela basa rasa mathu karanntai
Mavu piya dedena rakinntai
Jaya temba wetha pa thiannntai)..//
Artist: Anil Barathi (අනිල් භාරති) & Indrani Perera


Comment