Kalaye walithala

කාලයේ වැලි තලාව පහුරු ගා

Lyrics

කාලයේ වැලි තලාව පහුරු ගා
නියග ගෙවී ලේ ගලනා වෙලාවේ
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
ඒ සෙනෙහස යලි ඉල්ලා හඬන්නම්

වියැළුණු හෝපළු වනයේ
සුළඟේ යන පරඬැල් මැද
අතීතයක ගුණ සුවඳක් විඳින්නම්
ඒ සුවඳම හමුවන තුරු සිටින්නම්

කාලයේ වැලි තලාව පහුරු ගා
නියග ගෙවී ලේ ගලනා වෙලාවේ
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
ඒ සෙනෙහස යලි ඉල්ලා හඬන්නම්

ගිනි දැල්වෙන මරු කතරේ
පුපුරු ගසන වැලිකැට මත
ලතෙත් බවක සිහිලස සිහි කරන්නම්
ඒ සිහිලම පතමින් මග බලන්නම්

කාලයේ වැලි තලාව පහුරු ගා
නියග ගෙවී ලේ ගලනා වෙලාවේ
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
ඒ සෙනෙහස යලි ඉල්ලා හඬන්නම්

kalaye wali weli thalawa pahuru ga – Nanda Malani

More from raccoon

Uploaded by
6 followers

1 Comment

  1. නොදැනීම දෑස් කදුලි්න් තෙත් විය. ඹබ මෙන් ආදරය කරන්නට දන්නා අයෙකු මා දැක නැත. දැන් මා හට අවැසි වන්නේ ඔබ සතුටින් සිටීම පමණකි. කෙසේ හෝ ඔබ හිත හදා ගත යුතුමය.

🎵 Music Queue Add songs & save playlists