Payana ira pana kage

පායනා ඉර පාන කාගේ

Lyrics

පායනා ඉර පාන කාගේ
පීදෙනා මල් යාය කාගේ
හසරැලි මවෙත ගෙනා
ගායනා දසතේ ගලා ඒ
වෑහෙනා නදියේ රැඳී ඒ
නෙත දිලි කඳුළු දොවා
පායනා ඉර පාන කාගේ
පීදෙනා මල් යාය කාගේ
හසරැලි මවෙත ගෙනා
ගායනා දසතේ ගලා ඒ
වෑහෙනා නදියේ රැඳී ඒ
නෙත දිලි කඳුළු දොවා
සීත මදනල ඈත කදු සිප
මෑත මා සොයනා

මේ ගඟ දියරැලි වාගේ
පිබිදෙයි සිතුවිලි මාගේ
මේ ගඟ දියරැලි වාගේ
පිබිදෙයි සිතුවිලි මාගේ
දිදුලනා තරු නෙලා
වන තීරයේ සරා
හිනැහෙමි සැනසෙමි
සොයනෙමි ඔබ දිව රෑ

සෝ දුක නෑ හිත මානේ
මේ ඉර රෑ හඳ මාගේ
සෝ දුක නෑ හිත මානේ
මේ ඉර රෑ හඳ මාගේ
පියඹනා සිත සදා
මගෙ හීනයේ වෙලා
හිනැහෙමි සැනසෙමි
සොයනෙමි ඔබ දිව රෑ

පායනා ඉර පාන කාගේ
පීදෙනා මල් යාය කාගේ
හසරැලි මවෙත ගෙනා
ගායනා දසතේ ගලා ඒ
වෑහෙනා නදියේ රැඳී ඒ
නෙත දිලි කඳුළු දොවා
සීත මදනල ඈත කදු සිප
මෑත මා සොයනා

Payana Ira Pana Kage Anjalika අංජලිකා movie song – Uresha Ravihari

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists