Thaththe

තාත්තේ

Lyrics of Thaththe

මකර තොරණෙදි පඬුරු ලාගෙන සීත ගඟුලට බහිනවා
හෙළට පහළින් ළිහිණි අක්කගෙ විලාපය මට ඇහෙනවා
තාත්තේ, මම තුංග සමනොළ කන්ද තනියම නගිනවා
කන්ද පාමුල බෑන සමනොළ දෑළ කඳුපෙළ පේනවා

විඩා දැනුණම අම්බලම ළඟ
ඔහේ ඇළ වී ඉන්නවා
අනේ නුඹ කොයිබින්ද ඇවිදින්
පුතේ වෙහෙසද අහනවා

පෙමින් උර මත වඩා හිඳුවා
සෙමෙන් පඩිපෙළ නගිනවා
ඉරත් ඉරසේවයට ඇවිදින්
යළිත් හීනය බිඳෙනවා

අත් වැටට බර දෙන්න බෑ මට බෝම කඩතොලු පේනවා
නුඹේ අත්වැල ලිහුණු දා සිට තාත්තේ බය හිතෙනවා
හීන් ඉකියක් හිර කරන් මම
කන්ද මුදුනට නගිනවා
සිරිපතුල උඩ නළල තියලා
නුඹේ පා යුග වඳිනවා

තාත්තේ, මම තුංග සමනොළ කන්ද තනියම නගිනවා
තුංග සමනොළ කන්ද තනියම

Thaththe – Abhisheka Wimalaweera

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists