Kohe Ho Numba Nathara Vee

කොහේ හෝ නුඹ නතර වී

Lyrics

කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇතී
මගේ නොවුණට කම් නැතී නුඹ
මගේ නොවුණට කම් නැතී

උන්න දා අපි අපේ වී නුඹ
දුන්න සෙනෙහස අරුමැතී
ලෝභ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැතී

නුඹ ළඟත් මතකය ඇතී
නමුදු අපි වෙන් වී ඇතී
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජිවිත ඇතී

කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇතී
මගේ නොවුණට කම් නැතී නුඹ
මගේ නොවුණට කම් නැතී

Kohe Ho hoo Numba Nathara Vee vi wi nuba – Karunarathna Divulgane

More from raccoon

Featured on

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists