Obai nangiya

ඔබයි නංගියා | Obai Nangiya | Song & Lyrics

Lyrics of Obai Nangiya

සුදු බීරළු ගෙතූ සලුපට
හිරුට දිලිසෙනා
අඳුරු ලෝකෙට එළිය දුන්නෙ
ඔබයි නංගියා
තාම මතකයි අදම වාගේ
ඔබෙ බිලිඳු සිනා
ඔබේ කුමරුගේ ජීවිතේ අද
ඔබයි නංගියා

බේ චූටි අතින් අල්ලා
විශ්වයම මැව්ව මිදුලේ
අපි හදපු ගීත ගයලා
ලොව වේදිකාව වූයේ
කඳුලු බින්දු පිසදා
මගේ හොඳම මිතුරා ඔබ වේ

සුදු බීරළු ගෙතූ සලුපට
හිරුට දිලිසෙනා
අඳුරු ලෝකෙට එළිය දුන්නෙ
ඔබයි නංගියා
තාම මතකයි අදම වාගේ
ඔබෙ බිලිඳු සිනා
ඔබේ කුමරුගේ ජීවිතේ අද
ඔබයි නංගියා

බ කොහේ ගියත් පියඹා
මම එන්නෙමි එක පිම්මේ
හැම සාගර, කඳු පීරා
මට කතා කලොත් කෙල්ලේ
නෑ යන්නේ හැර කිසිදා
ඔබගේ මයි මගේ හෘදේ

සුදු බීරළු ගෙතූ සලුපට
හිරුට දිලිසෙනා
අඳුරු ලෝකෙට එළිය දුන්නෙ
ඔබයි නංගියා
තාම මතකයි අදම වාගේ
ඔබෙ බිලිඳු සිනා
ඔබේ කුමරුගේ ජීවිතේ අද
ඔබයි නංගියා
ඔබේ කුමරුගේ ජීවිතේ අද
ඔබයි නංගියා
ඔබේ කුමරුගේ ජීවිතේ අද
ඔබයි නංගියා

Obai Nangiya (Obe Kumaruge) – Yohani

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists