Ma Diha

බලාපන් සෝබනී මා දිහා | Maa Diha | Lyrics & Song

Lyrics of Balapan Sobani Maa Diha

ඈ විනා මධාරා මලයි
මා දෑසත් කලා වාසනා
පෑ සිනා මා හෘදේ නිවාලයි
මේ භවේ දී සදා

බලාපන් සෝබනී මා දිහා
නාඬාපන් රෑමතී මා නිසා

දැක ඈව දුරදී මගේ
නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ
පෙර කිසිදාක නොදුටූ ඇගේ
මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ
හෝ.. නගේ

නුරාවෙන් දිගැස් හී පියා
සිනාවෙන් තිගැස්සී නොයා
නොකීවත් හිතස්සේ තියා
දැකීමත් ඇතී මට ඔයා
රෝස තොල් මගෙ වේ දෝ නොම වේ දෝ
හිතින් මා ඉන්නම් බලා
සෝ තැවුල් කිම මේ දෝ නොහැඟේදෝ
හිඳින් මා ගන්නම් නෙලා

බලාපන් සෝබනී මා දිහා
නාඬාපන් රෑමතී මා නිසා

දැක ඈව දුරදී මගේ
නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ
පෙර කිසිදාක නොදුටූ ඇගේ
මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ
දැක ඈව දුරදී මගේ
නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ
පෙර කිසිදාක නොදුටූ ඇගේ
මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ
හෝ… නගේ…

Ma Diha – Dilu Beats

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists