Mini Mini Poda Wetewi

මිණි මිණි පොද වැටේවි

Lyrics

මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි
ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්
//

ළා සඳ පළුව ඇවිත් නිල්ගිර මුදුනින්
රන් තරු මාල බැඳන් රන්වන් අහසින්
අද හොඳම දවස
අද හොඳම දවස
ඔබ එනවා නම්

මිණි මිණි පොද වැටේවි

බිම් කළුවර ඇවිදින් පිරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැඟෙන්නට කලින්
අද හොඳම දවස
අද හොඳම දවස
ඔබ එනවා නම්

මිණි මිණි පොද වැටේවි

Mini Mini Poda Watewi vatevi – Edward Jayakody jayakodi

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists