Atha Dunna Hitha Banda
&

අත දුන්න හිත බැන්ද

Lyrics

හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම්

අත දුන්න හිත බැන්ද මගෙ ගීතීකා
අත දුන්න හිත බැන්ද මගෙ ගීතීකා
ඔබ ලඟට වෙලා මට ගයන්න ආසයි
අහන්නකෝ රාජා අනේ අහන්නකෝ රාජා
අත දුන්න හිත බැන්ද මගෙ ගීතීකා

හදවත බිඳුනා කඳුලැලි වැටුනා
ජිවන වීණා තත් සිඳුනා
හදවත බිඳුනා කඳුලැලි වැටුනා
ජිවන වීණා තත් සිඳුනා
ගයන්න බෑ රස ගීතීකා
ගයන්න බෑ රස ගීතීකා
මේ තනිවු හිරගෙයි තුළට වෙලා

සැනසෙන්න මෙහි එන්න මගෙ රෑපිකා
සැනසෙන්න මෙහි එන්න මගෙ රෑපිකා
ඔබ ගයන අමා ගී අහන්න ආසයි
කියන්න රස කරලා
ඔබ කියන්න රස කරලා
සැනසෙන්න මෙහි එන්න මගෙ රෑපිකා

කටහඬ ඇසුණා ඔබ ගැන හිතුනා
ඈත අතීතය සිහි කෙරුනා
කටහඬ ඇසුණා ඔබ ගැන හිතුනා
ඈත අතීතය සිහි කෙරුනා
ගයන්න ඔබේ රස ගීතීකා
ගයන්න ඔබේ රස ගීතීකා
මම එමි ඔබ සිරගේ තුලට සොයා

අත දුන්න හිත බැන්ද මගෙ ගීතීකා
අත දුන්න හිත බැන්ද මගෙ ගීතීකා
ඔබ ලඟට වෙලා මට ගයන්න ආසයි
අහන්නකෝ රාජා
අනේ අහන්නකෝ රාජා
සැනසෙන්න මෙහි එන්න මගෙ රෑපිකා
සැනසෙන්න මෙහි එන්න මගෙ රෑපිකා
අත දුන්න හිත බැන්ද මගෙ ගීතීකා

Atha Dunna Hitha Banda benda – H R Jothipala & G S B Rani Perera

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists