Domba Mal Kalawe

දොඹ මල් කැලෑවේ

Lyrics

දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න
ළං වී ළඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ
//

රෑ පිනි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදා වූ සෙනෙහේ නිමා වේ ද
දුක් දොරකඩින් හෙට දිනේ

දොඹ මල් කැලෑවේ …

කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරි තලා
පැහැදුල් සඳක් නිසරු අහසේ පිපේවා
කටුවැට උඩින් පායලා

දොඹ මල් කැලෑවේ …

Domba doba mal kalawe kelawe bambarun gayu – Visharada Gunadasa Kapuge

More from RogueOne

♪
Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists