Atha Sithijaye Hadata Ruwin

ඈත සිතිජයේ හැඩට රුවින්

Lyrics

ඈත සිතිජයේ හැඩට රුවින්
දිළෙන තරුව ඔබ නම්
මේඝ වලා සළු පට අතරින්
මම ඔබ වෙත එන්නම්
මෑත තුෂාරා බිඳු අතරේ
පිපිණු කුසුම ඔබ නම්
සඳ මඬලේ සඳ කුමරියනේ
මම ඔබ සුරකින්නම්

ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
අපි ඉමු පිළිසඳරේ
රන් දෝලාවෙන් කැඳවා යමි මං
කුමරියේ ඔබ මාගේ

සඳළු තලාවේ මුනින්තලා වී
කඳුළැල් පිරිණු නෙතින්
සමුගන්නම් මම කුමරියේ ඔබගෙන්
ආයෙත් දකිනු රිසින්

ඈත සිතිජයේ හැඩට රුවින්
දිළෙන තරුව ඔබ නම්
මේඝ වලා සළු පට අතරින්
මම ඔබ වෙත එන්නම්
මෑත තුෂාරා බිඳු අතරේ
පිපිණු කුසුම ඔබ නම්
සඳ මඬලේ සඳ කුමරියනේ
මම ඔබ සුරකින්නම්
මම ඔබ සුරකින්නම්

Atha aatha sithijaye hadata ruwin ruvin – Shirly Waijayantha sharly

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists