Lyrics
කාලයේ වැලි තලාව පහුරු ගා
නියග ගෙවී ලේ ගලනා වෙලාවේ
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
ඒ සෙනෙහස යලි ඉල්ලා හඬන්නම්
වියැළුණු හෝපළු වනයේ
සුළඟේ යන පරඬැල් මැද
අතීතයක ගුණ සුවඳක් විඳින්නම්
ඒ සුවඳම හමුවන තුරු සිටින්නම්
කාලයේ වැලි තලාව පහුරු ගා
නියග ගෙවී ලේ ගලනා වෙලාවේ
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
ඒ සෙනෙහස යලි ඉල්ලා හඬන්නම්
ගිනි දැල්වෙන මරු කතරේ
පුපුරු ගසන වැලිකැට මත
ලතෙත් බවක සිහිලස සිහි කරන්නම්
ඒ සිහිලම පතමින් මග බලන්නම්
කාලයේ වැලි තලාව පහුරු ගා
නියග ගෙවී ලේ ගලනා වෙලාවේ
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
ඒ සෙනෙහස යලි ඉල්ලා හඬන්නම්
kalaye wali weli thalawa pahuru ga – Nanda Malani
1 Comment
Leave a Reply
You must be logged in to post a comment.


නොදැනීම දෑස් කදුලි්න් තෙත් විය. ඹබ මෙන් ආදරය කරන්නට දන්නා අයෙකු මා දැක නැත. දැන් මා හට අවැසි වන්නේ ඔබ සතුටින් සිටීම පමණකි. කෙසේ හෝ ඔබ හිත හදා ගත යුතුමය.