උඩරට නිළිය හැඩ වගේ Udarata Niliya

උඩ රට නිළිය හැඩ වගේ

Lyrics

උඩ රට නිළිය හැඩ වගේ
රතැඟිලි ඇගෙ සැලෙන හැටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ
//

සිංහල ජාතියට ගරු සරා
ලබා දෙවන උඩ රට නිළිය //
ඔබෙ සියුමැලි මද සිනාව
රන් පැහැ දෙතොලට ගෙනාව //
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ

උඩ රට නිළිය හැඩ වගේ

බෙර පද තාලයට පා තබා
නරඹන්නන් මන්මත් කරලා //
සොඳුරු නිළිය අපේ නාලිය
උඩ රටටම හැඩකාරිය //
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ

උඩ රට නිළිය හැඩ වගේ … //

Uda rata niliya hada wage – Annesly Malewana

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists