Adarei man oya hithata

ආදරෙයි මං ඔය හිතට

Lyrics

ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයටවත් ඔයා දැන් නාවත්
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්
මතක් වෙන්නේ ඔයාවයි තාමත්
ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයටවත් ඔයා දැන් නාවත්

ආදරෙන් හීන මට ගෙනත් දුන්න
ඇස් දෙකෙන් කදුළු දීලා
හිත පුරා රැදුනු ආදරෙත් රැගෙන
ඔබ ගියා නේද වෙන්වෙලා
ඔබ දුන්න දුක දැනීලා
දෑස හඩයි තනි වීලා

ආදරෙයි මං ඔය හිතට තාමත්

වේදනාවෙන්ම මියැදුනත් දිනෙක
මතකයෙන් යන්නේ නෑ ඔයා
නෙතු තෙමා බලන කදුළු බිංදු වල
දුක දන්නෙ නැත්තෙ ඇයි ඔයා
ඔබ ළගින් නැති හින්දා
දෑස හඩයි තනි වීලා

ආදරෙයි මං ඔය හිතට තාමත්

Adarei adareyi Man oya hithata – Asanka Priyamantha

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists