මිදුලේ අතන නංගෝ

Lyrics

මිදුලේ අතන නංගෝ කවුද හැංගී උන්නා වගේ
සෙල්ලම් හැංගි මුත්තං දන්නෙ නැද්දෝ අයියා මගේ //

පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම්
හොයලා මං එන්නදෝ
මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා ඇවිදින් අල්ලන්නදෝ

තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ
සෙල්ලම් බත් උයාලා එකට බෙදලා කමුදෝ අපී
කව් ගී සිංදු වාරම් දෑත අල්ලා කියමූ අපී

දැන් අම්මලා ඒවී දඟකාරකම්
හොඳ නෑ පොඩි නංගියේ
පාඩම් පොතේ රූප පැන්සල් අරන්
අදිමූ අපි නංගියේ පාට ගාලා රූප අදිමූ

ගවුමේ දූලි ගෑවී කිළුටු වීලා අම්මා බනියි
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී ///

Midule athana nango-Rookantha Gunathilake rukantha

More from Admin

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists