ගතින් ඉන්නට නැතත්

Lyrics

ගතින් ඉන්නට නැතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ සිතා ගන්නට බෑ

ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවනමගේ
ඔබේ සෙවනැල්ලයි ඔබේ සෙවනැල්ලයි

ගතින් ඉන්නට නැතත් ලංවී…..

ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
ඔබේ දැකුමින් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ
ඔබේ හසරැල්ලයි ඔබේ හසරැල්ලයි

ගතින් ඉන්නට නැතත් ලංවී…..

Gathin innata nathath lanwi lanvi -Chandralekha Perera

More from Admin

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists