&

ඈත එහා ඔබ සිටිනා

Lyrics

ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
මගේ හදේ හිරවී තියෙනා
කැකුළ පිපේයා සුවඳ හමා

ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ මහද සළා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා

පියඹා එන්නට අවසර දෙනු මැන
ළං වී ඉන්නට සැමදා ඔබ වෙත
සෙනෙහස ගන්නට පහස ලබන්නට
සිහින ලොවින් හෝ සැබෑ කරනු මැන

ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
මගේ හදේ හිරවී තියෙනා 
කැකුළ පිපේයා සුවද හමා 

ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ මහද සළා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා

ඔබ හා සිතනා මාගේ පැතුමන්
හමනා සුළඟේ මුදා හරින්නම්
සීත පටලයන් අතරේ සැඟවී
උණුසුම් සුසුමන් නිවා හරින්නම්

ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
මගේ හදේ හිරවී තියෙනා
කැකුළ පිපේයා සුවඳ හමා

ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ මහද සළා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා

Atha etha eha oba sitina – Vijaya kumaratunga , chandralekha perera

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists