ප්‍රේමයේ මුණිවරිය | Premaye Munivariya | Song & Lyrics

Lyrics

ප්‍රේමයේ මුණිවරිය අත නෑර ළග සිටිය
සසල ලොව ළග නිසල සනහස පිදුව ඔබ
ප්‍රේමයේ මුණිවරිය

ජීවිතේ මහ පුදුම කවි පොත
ප්‍රේමයෙන් පුරවා තබන අතරේ
අත හැරීමක මිහිර තැවරූ
කවි කොතෙක් තිබුණාද? ඔබ ඇසුරේ…
කවි කොතෙක් තිබුණාද? ඔබ ඇසුරේ…

මිනිස් ගුන සුවදින් පහන් වුණු
ඔබේ එළියෙන් මම නිවෙන අතරේ
ඒ එළිය පතුරා තැනින් තැන
ඔබ පහන් දැල්වූ අරුම අදුරේ
ඔබ පහන් දැල්වූ අරුම අදුරේ

ප්‍රේමයේ මුණිවරිය අත නෑර ළග සිටිය
සසල ලොව ළග නිසල සනහස පිදුව ඔබ
ප්‍රේමයේ මුණිවරිය

Premaye Muniwariya munivariya , Jiwithe maha puduma kavi – Dumal Warnakulasuriya

More from Admin

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists