ලොව නිසසල වී

Lyrics

ලොව නිසසල වී නවතින මොහොතේ
යටි හිත් මතුකොට සිනහා සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා //

තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොඳවී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී ඇති තුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන

ලොව නිසසල වී…..

අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එක තැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන

ලොව නිසසල වී…..//

Lowa lova nisasala wee wi vi vee -Niranjala Sarojini

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists