චාන්දනී පායලා

Lyrics

චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ
ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ
මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතුදාක මා ලබන රම්බරී

චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ
ජීවිතේ හිස්කමින් තුන් යාමයේ
හිත් පෑරුනේ සත්තකින් ඔබය හද රැන්දු සුරඹුන්
ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොඳුරේ

පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
යටි හිතේ පොපියමින් හීන මැවුනා
පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
යටි හිතේ පොපියමින් හීන මැවුනා

සන්සුන් සුසුම් ද කැළඹි ඇයිද මොකදැයි ඇහුවා
රාගයේ චන්ද්‍ර හැඟුමන් රණ්ඩු කෙරුවා
මං කෙසේ කොයි ලෙසේ මුමුණා මේ ශෝක ගීතේ
කවුරුවත් දන්නෙ නෑ දැන් මේ මං ඉන්නෙ හිරගේ

චාන්දනී පායලා…..

යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා

දිවි ගිම් නිවෙන්න පැතුවේ මදුර ස්වරයයි ඔබගේ
ආදරේ හීනයක් නම් හැබෑ නොවෙනා
මං කෙසේ දැවි දැවී ඉන්නෙ මේ වේදනාවෙන්
ඇස් අගින් ඔබ ලියූ කවි ගී මුමුණන්න මුවඟින්

ඔය මන්දහාසයෙන් සැනහේවි ජීවිතේ
සෝතාප සඟවන්න ඔබ එන්න ආදරෙන්

චාන්දනී පායලා…..

චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ
ජීවිතේ හිස්කමින් තුන් යාමයේ
හිත් පෑරුනේ සත්තකින් ඔබය හද රැන්දු සුරඹුන්
ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොඳුරේ

Chandani Payala Paayala – Bathiya Santhush BnS

????


මෙම ගීතයේ Ringtone එක Download කරගන්න
(40 seconds)


More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists