දෑතට වළලු

Lyrics

දෑතට වළලු මල් මුතුවැල් මාල පොටයි
යායට එලලූ පුන් කුසුමන් සේ බැබළෙයි
ගී රස කනලූ වන් සැනෙකින් මන් පිනවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි ///

උදයට පේලිය සැදීලා එන සැටි රූබර අඟනු
කරවට ගෝමර මල් පිපිලා ලැම පිට පාවලන් පලඳා
බඳේ වැටෙන හිරු තාපය නොදැනෙද
ලඳේ නුබට තුරු සෙවනැලි උරනද

දෑතට වළලු මල් මුතුවැල් මාල පොටයි
යායට එලලූ පුන් කුසුමන් සේ බැබළෙයි

හිස වට සේලය දවටාලා ඉනවට ඔසරිය ඇඳලා
කුඹුරට සීරුවේ බැසලා තරඟෙට සීපද රැව්දීලා
අගේ වඩන රුසිරෙන් සැදි නෙලුමට
රඟේ බලන් සැරසෙන සැටි කදිමට

දෑතට වළලු මල් මුතුවැල් මාල පොටයි…..

dathata walalu dethata valalu -Neela Wickramasinghe

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists