කින්නරාවියේ

Lyrics

කින්නරාවියේ මලක් නෙලාගෙන
ඔබ දුර ඈතට යයි
ඒ මල නෙළුවේ ඔබ ඇයි //

සුරංගනාවක් සැන්දෑ අහසින්
මනාලියක් සේ පාවී එයි
සුවඳ අරන් ඉගිල්ලෙන්න
ආදරයේ ගිනිසිළුවක් වී

කින්නරාවියේ…..

දුහුල් වලාවන් සෙමින් සෙමින් විත්
වෙන්වී වෙන්වී නොපෙනී යයි
මගේ කඳුළ වාවගන්න
මා දුටුවේ හීනයක් තමයි

කින්නරාවියේ…..

kinnarawiye kinnaraviye – Amarasiri Peiris

More from elon

Featured on

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists