ගියා කියාලා මා දමා

Lyrics

ගියා කියාලා මා දමා දුරස්වීලා සිත නෑ මාගේ බිඳුනේ ඔබ කෙරෙන් ///

දවසක මිනිසෙකු විලසින්නේ මිහිකත තුරුලේ සැනසෙන්නේ
හමුවන අය නැහැ හිමිවන්නේ හිමිවන අය නැහැ හමුවන්නේ
සිදුවන දේ කවුදෝ දන්නේ නොසිතුව විලසයි සිදුවන්නේ..

ගියා කියාලා මා දමා …… //

හැරගිය අය යළි හමුවන්නේ හමුවන අය අප හැර යන්නේ
කිසිවකු නැහැ මේ ගැන දන්නේ කාලය විසදුම් ගෙන එන්නේ
යළි හමුවනතුරු මා ඉන්නේ මා නැත කිසිවකු හඬවන්නේ..

ගියා කියාලා මා දමා …… ///

Giya Kiyala Ma Dama Duraswila Sitha Na Lyrics – H. R. Jothipala

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists