Lyrics
කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ
දෙතොල් සලා මුදු සිනා නගන්නෙමු දෙනෙත් පුරා පිරි කදුලු සලන්නෙමු //
හදවත් ගැහෙනා රිද්මය අතරේ සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු
කවුරුන්ද ඔබ මගේ ….
ප්‍රේමය ගොලු වී හඩාවැටීලා ඔබ හද මා හද රිදවන මොහොතේ //
ජීවිතයට හුරු පැරදුම හමුවේ නොදොඩා ගොලු වී බලා සිටින්නෙමු
කවුරුන්ද ඔබ මගේ ….
Kaurunda kavurunda kavrunda Oba Mage Lyrics – Sunil Edirisinghe
1 Comment
Leave a Reply
You must be logged in to post a comment.


මේ ගීතය ඇත්තටම විශේෂ ගීතයක්…. බොහෝ ප්‍රේම ගීත වගේම මෙතනත් ඉන්නවනෙ දෙනේනෙක්.. ඒ දෙන්නා අතර තියෙන බැඳීමක්.. නමක් නැති බැඳීමක් කියලා හිතෙන්නෙ ඒ දෙන්නට දෙන්නා තමන් කවුද කියලා සොයන්න උත්සහ කරන නිසා..
ඔබ මගේ කවුද.. මම ඔබගේ කවුද…
එතකොට නමක් නැති බැඳීමක් හැම විටම සෘණාත්මක සම්බන්ධයක් විය යුතු නැහැ නේද? හරි.. ඔවුන් දෙදෙනා ගතින් එක්තැන් වෙලා.. ගතින් එක්තැන් වීම විවාහයක්ම විය යුතුද? ඒක හමුවීමක් පමණක් වෙන්න බැරිද..
මෙහෙම හිතමු නිතරම මුණ ගැහෙන කතා බහ කරන ආශ්‍රය කරන දෙන්නෙක් වෙන්න පුළුවන් නේද? ඊළඟට මොවුන් දෙදෙනාම සිතිනුත් එක් තැන් වෙලා.. ගතින් කොහොම එක්තැන්ව හිටියත් සිතින් එක් තැන් වෙන එක..? ඒක හරිම විශේෂයිනෙ..
කවුරු මොනවා කිව්වත් හිතින් ඇති වෙන බැඳීම් හරි ප්‍රබලයිනෙ.. එතකොට මම ඔබත් එක්ක හිනා වෙනවා.. ඔබේ දුකේදිත් මගේ දුකේදිත් අපි දෙන්නාම කඳුළු හෙලනවා…
ඊළඟට ප්‍රේමය ගොළු වෙලා.. මේ දෙන්නා අතර ප්‍රේමයක් තියෙනවා ඒත් ඒක සාර්ථක කරගන්න, තේරුම්ගන්න එකිනෙකාට කියාගන්නට බැහැ… මොකක් හරි බාධාවක් නිසා.. සමහර විට මේ දෙන්නා වෙන දෙන්නෙක්ට අයිති දෙන්නෙක් වෙන්නත් පුළුවන්.. ඉතිං මේ ගොළු වෙච්ච ප්‍රේමය ඔබේ හදත් රිදවනවා.. මගේ හදත් රිදවනවා.. තීරණයක් ගන්න බැහැ.. ඒ නිසා නොදොඩා ගොළුවී බලාගෙන ඉන්නවා..
මේ ගීතය සුවිශේෂී වන්නෙ මෙන්න මේ වචන වලට හරවන්න බැරි හැඟීමක් ගීතයක් බවට පත් කරපු නිසාමයි.. එහෙම නේද..
අමාලි වසුන්දරා අතුකෝරළ
Copied from – geeyaka-arutha.blogspot.com/2018/04/blog-post_23.html