&

මතක ලන්තෑරුම්

මතක ලන්තෑරුම් අදුරු මැද ඔබේ හුස්මක සුවද දැනුනා
අහම්බෙන් මට මුරුගසන් වැහි මැද්දේ මම තනියෙන්ම තෙමුනා
කියන්නම මග බලාගෙන උන් වචන අමතක වෙලා රිදුනා
දැනුනේ නැතුවට මගේ කදුලින් කමිස උරහිස තෙමි තිබුනා

මතක ලන්තෑරුම් අදුරු මැද හුස්ම නොතියා ඉන්න තිබුනා
අහම්බෙන්වත් මුරුගසන් වැහි නොදී ඇතක යන්න තිබුනා

කියන්නම ගිය වචන අමතක වුනත් මගේ හදවතට දැනුනා
නොදැනුනා වාගේම උන්නට සුදු කමිස උරහිසට රිදුනා

පරවෙලා මිහිදන් වෙලා උන් හිත ඔහේ පරවෙන්න තිබුනා
නිල්පාට කටරොළු මලක නිල පිපුන හිතකට දෙන්න තිබුනා

තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුනා
එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා

Mathaka lantharum lantherum meda obe husmaka – Abhisheka Wimalaweera and Karunaratna Divulgane

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists