Atha Duraka Sitiyath

ඈත දුරක සිටියත් | Atha Duraka Sitiyath | Song & Lyrics

Atha Duraka Sitiyath

ඈත දුරක සිටියත් මා හද නිරතුරු රැඳෙන්නියේ
රෑ සිහිනෙන් මා ළඟ හිඳ උදෑසනින් මැකෙන්නියේ

සිහිනෙන් ඇවිදින් නිරතුරු මා සනසා යන කුමරී
හිතේ පිරෙන දුක නිරතුරු කියා ගන්න බැහැ කුමරී
ළඟ ඉඳගෙන හිස අතගා කතා කියනවා කුමරී
මගෙන් වෙන් වුනා ද කියා හිතාගන්න බැරි කුමරී

ඈත දුරක සිටියත් මා හද නිරතුරු රැඳෙන්නියේ
රෑ සිහිනෙන් මා ළඟ හිඳ උදෑසනින් මැකෙන්නියේ

තනි වෙන්නට නොදී උදේ හවා ළගින් සිටි කුමරී
සිනිඳු අතින් මා අත ගෙන රැකවරණය පැතු කුමරී
කියන්න බැරි ආදරයක් හද තුළ ගොනු කළ කුමරී
මගේ නමින් රැඳී නොසිට පලා ගියේ ඇයි කුමරී

ඈත දුරක සිටියත් මා හද නිරතුරු රැඳෙන්නියේ
රෑ සිහිනෙන් මා ළඟ හිඳ උදෑසනින් මැකෙන්නියේ

Atha Duraka Sitiyath English Lyrics

Aetha duraka sitiyath ma hada nirathuru raendenniye
Raa sihinen ma langa hinda udaesanin maekenniye

Sihinen avidin nirathuru ma sanasa yana kumari
Hithe pirena duka nirathuru kiya ganna bae kumari
Langa idagena hisa athagaa kathaa kiyanavaa kumari
Magen ven vuna da kiya hithaa ganna baeri kumari

Aetha duraka sitiyath ma hada nirathuru raendenniye
Raa sihinen ma langa hinda udaesanin maekenniye

Thani vennata nodi ude havaa lagin siti kumari
Sinindu athin ma atha gena raekavaranaya paethu kumari
Kiyanna baeri aadarayak hada thula gonu kala kumari
Mage namin raendi nosita pala giye ai kumari

Aetha duraka sitiyath ma hada nirathuru raendenniye
Raa sihinen ma langa hinda udaesanin maekenniye

Artist: Abewardana Balasuriya (අබේවර්ධන බාලසූරිය)

More from Sapphire

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists