Ma kawurun do

මා කවුරුන්දෝ | Ma Kawurun Do | Song & Lyrics

Lyrics of Ma Kawurun Do

ගාලු කොටුවට වඩා තද ඇති හිතක් ඇති ඒ නුඹහට
ආදරේ සුව දැනුනේ නෑ එය දැනුනේ නෑ ඔබ හට සොඳුරේ
හීන වත හිඳ මැවූ සුන්දර මාලිගාවන් බිඳුනම
වේදනාවෙන් ගිලන් හදවත දැනුනේ නෑ එය ඔබහට සොදුරේ
සරල කවිපද විරල අයුරින් වින්ඳ නුඹ හට නොදැනුන
රසය වැහෙන ආදරේ රස වින්ඳේ නුඹ නම් නුහුරට සොඳුරේ.. සොඳුරේ

මා කවුරුන්දෝ නුඹ හට මා කවුරුන්දෝ
මේ දුක් ඉව්රේ තනිවුනු මා
රෑ තරු සිතුවම් ලියනා දුක් ගී විරහින්
අහසින් වැටෙනා තරුවක් මන්

අහස කඳුලින් තෙමෙන දවසක යලිත් හමුවෙමු ඉඳ හිට
කලින් නොකියපු බොහොදේ ඇත ළඟින් හිඳ මට කියන්න සොඳුරේ
දුරක යන්නට අවසරයි හෙට මතක පමනක් ගුලිකර
හිතින් විඳවන හිතින් හිනහෙන බොහො අය ඇත තනිවුන සොඳුරේ

සරල කවිපද විරල අයුරින් වින්ඳ උඹ හට නොදැනුන
රසය වෑහෙන ආදරේ රස වින්ඳේ නුඹ නම් නුහුරට සොඳුරේ.. සොඳුරේ

මා කවුරුන්දෝ නුඹ හට මා කවුරුන්දෝ
මේ දුක් ඉව්රේ තනිවුනු මා
රෑ තරු සිතුවම් ලියනා දුක් ගී විරහින්
අහසින් වැටෙනා තරුවක් මන්

රෑ තරු සිතුවම් ලියනා දුක් ගී විරහින්
අහසින් වැටෙනා ..

Ma kavrun do | Galu kotuwata wada thada athi | Dinesh Gamage

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists