Sheela

ශීලා

බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
සැඟවුණු සේයාවන් මදෙසේ ඇඳේ
සුළගේ පාවී, මගේ ගී යාවී
ඇසුනොත් එනවාදෝ සොදුරියේ මගේ

මා හට සැරවීලා ” හෙයි“
කොහෙදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනිවීලා ” හෙයි” මා ඉන්නේ කෙසේ
ඒවීදෝ මාගේ කුමාරි

ලොවම නැවතිලා, නිහඬයි වටේ
තනිකම පාළුව දැවටී වතේ
දුරකතනයකින් ඔබ අමතාවී
සිතමින් ඉන්නෙමි තනි ලොකයේ

මා හට සැරවීලා …

තනිවුනු යහනට එනවිට
තවමත් ඔබගේ සුවඳ දැනේ මට
සිහිනෙන් ඔබේ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට
ඔබෙ ලස්සන ඇස් දෙක
වෙනකෙකු හට ලැදි වෙන්න එපා
එවීදෝ… එවීදෝ… එවීදෝ
මාගේ කුමාරී

මා හට සැරවීලා …

ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
ඒවීදෝ මාගේ කුමාරි

Sheela shila sila seela – Jayasri

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists