Me Tharam Kandulu Wel
&

මේ තරම් කඳුළු වැල්

Lyrics of Me Tharam Kandulu Wel

මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණි දෝ
හැංගිලා නෙතේ
මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණි දෝ
හැංගිලා සිතේ

ජීවිතේ අවාරයේ ගිම්හානයේ දැවී
කී කතා ළගින් ඉඳන් පෙර දා සිතේ මැවී
නදී කුමාරියක් වගේ සැලෙන්න ඒ දුකින්
තැවෙන්න ඒ දුකින්

මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණි දෝ
හැංගිලා සිතේ
මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණි දෝ
හැංගිලා නෙතේ

වෙන්වෙලා නොයන්නෙමු දිවුරා කියූ මුවින්
වෙන් වෙමු කියන්නේ දැන් කොහේදෝ අපේ පැතුම්
දෙමාපියන් වරම් නොදුන් සුපෙම්වතුන් ලෙසින්
හඩන්න සෝ දුකින්

මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණි දෝ
හැංගිලා නෙතේ
මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණි දෝ
හැංගිලා සිතේ

Me tharam Kandulu kadalu wal vel -Karunarathna Diwulgane karunarathne and Janaki Dissanayaka

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists