Sanda Rekhawen

සඳ රේඛාවෙන් | Sanda Rekhawen | Song & Lyrics

Lyrics of Sanda Rekhawen

සඳ රේඛාවෙන් බසින ලියේ
නූපුර නොසාලා වඩින ලියේ
තරු ඕවිල්ලේ පුතු නිදිගන්වා
විජයිඳු පහයට වඩින ලියේ
සඳ රේඛාවෙන් බසින ලියේ

බුදුගුණ ලකරින් මංගල සුතුරින්
පිරුවානා කවි සිලෝ කියා
ආශිර්වාදය කළ මැන පුතු හට
සරසවි දැහැනෙන් තිලක තියා

සඳ රේඛාවෙන් බසින ලියේ
නූපුර නොසාලා වඩින ලියේ
තරු ඕවිල්ලේ පුතු නිදිගන්වා
විජයිඳු පහයට වඩින ලියේ
සඳ රේඛාවෙන් බසින ලියේ

සුදම් සභාවේ මුල් පෙළ හිඳිනා
හෙල විරුවන්ගේ කතා කියා
දෑ අභිමානය දෙනු මැන පුතු හට
සඳකඩ පහනේ සිරස තියා

සඳ රේඛාවෙන් බසින ලියේ
නූපුර නොසාලා වඩින ලියේ
තරු ඕවිල්ලේ පුතු නිදිගන්වා
විජයිඳු පහයට වඩින ලියේ
සඳ රේඛාවෙන් බසින ලියේ


Sanda Rekhawen English Transliteration

Sanda rekhaaven basina liye
Noopura nosala vadina liye
Tharu oville putu nidiganvaa
Vijayindu pahayaata vadina liye
Sanda rekhaaven basina liye

Buduguna lakarin mangala suthurin
Piruvaanaa kavi silo kiyaa
Aashirvaadaya kala mana putu hata
Sarasavi dahenen thilaka thiyaa

Sudam sabhaave mul pela hindinaa
Hela viruvange katha kiyaa
Daa abhimaanaya denu mana putu hata
Sandakada pahanae sirasa thiyaa

Sanda Rekawen (Sandaru Suyamaya) Artist: Amarasiri Peiris (අමරසිරි පීරිස්)

More from tatooflute

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists