Lyrics
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්
මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුලින් සේදිලා //
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා
සදාකාලික නොවූ ලෝකේ …
එදා ලඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ //
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙසද පෙම් බඳින්නේ
සදාකාලික නොවූ ලෝකේ…
Sada Kalika sadakalika Nowu novu Loke – Sunil Edirisinghe Edirisingha සුනිල් එදිරිසිංහ
Comment