Raththaranin ran mala nodammata

රත්තරනින් රන්

Lyrics

රත්තරනින් රන් මාල නොබැන්දට
රත්තරනින් රන් තෝඩු නොදැම්මට
නුඹේ දෑත මට රැකවරණයි
රත්තරං දෑත මට රැකවරණයි
නුඹේ දෑත මට රැකවරණයි
රත්තරං දෑත මට රැකවරණයි

කුඹුරු කොටන ඔබේ දෑත
නියර බඳින ඔබේ දෑත
කුඹුරු කොටන ඔබේ දෑත
නියර බඳින ඔබේ දෑත
මගේ පැලේ කවුළු දොරින්
උදේ හවා දුටුවා
ඒ දෑතට මගේ දෑත
දෙන්නට මා සිතුවා

රත්තරනින් රන් මාල නොබැන්දට …

පැල් කවියක හඬින් රෑට
සිහින ලොවක ගියෙමි ඈත
පැල් කවියක හඬින් රෑට
සිහින ලොවක ගියෙමි ඈත
හදේ පැතුම් සද කිරණින්
ඔබේ පැලට ආවා
දෑතට දී මගේ දෑත
තනි රකින්න ආවා

රත්තරනින් රන් මාල නොබැන්දට …

Raththaranin Ran – Chandrika Siriwardena

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists