Lyrics
පොළොන්නරුවේ පොඩි විජේ
වෙඩි නොවදින පොඩි විජේ
දැඩි එඩි පෑ පොඩි විජේ
කැළේ රජ වුණා
වෙඩි පිට වෙඩි තිය තියා
නීතිය ලුහුබැඳ ගියා
කලකම් පලදී එයා
මරුට බිලි වුණා
ගෙනයන්නට බැරි තැන පවුලක බර
පොඩි විජේ කලේ ගමට හිරිහැර
බැද්දෙට වෙඩි සද්දේ හොඳින් හුරු කර
පරසිද්ද වුනා හද්ද පිටිසර
මව්පියො සොහොයුරුසොහොයුරියන් රැක
ගන්නට වෙහෙසුනා විඳ දුක
හිමි නැති සැපතක සිහිනය දැක දැක
දරුණුයි කල සැහැසිකම් ටික
පොළොන්නරුවේ පොඩි විජේ …
ජිවිත කිහිපයකට කල හානිය
දුටු අය පවසාවී සැම දෙය
බිහිසුණු අපරාධ වලින් නම ගිය
පොඩි විජේට මුළු ගමම බය විය
පොඩි විජේ සමඟ එම හිතවත් කල්ලිය
වනරොදේ දවස් ගණන් සැඟවිය
පසුපස ලුහුබැඳ යන විට නීතිය
වෙන කැලයක් දෙසට පැන ගිය
පොළොන්නරුවේ පොඩි විජේ …
නොදැනයි සැරසුනේ අන්තිම සටනට
පනස්දහක් බලෙන් ගන්නට
ලැබුණා ඔත්තුව රැක්කා හරියට
මින්නේරිය රජ ඇල අවට
පැන ගිය මුත් එතැනදි වී කලබල
හවරියපැලැස්ස වනරොද අසල
ඇසුණා හඬ පොඩි විජේගේ එමකල
වෙඩි හඩ පිට වුනා වන තුල
පොළොන්නරුවේ පොඩි විජේ …
පැන්නා ගැලවීමට කටු අකුලට
වැදුණා වෙඩි දෙකක් එක පිට
වැටුණ පොඩි විජේ අවසන් නින්දට
නීතිය රජ වුණා සදහට
කටුකැලිය ගම නිසසල පෙදෙසකි
හොර මැරකම් සෙමින් යයි මැකී
අඬමින් ජීවත් වීමත් නපුරකි
දැහැමින් මිය යෑම සැපතකි
පොළොන්නරුවේ පොඩි විජේ …
Polonnaruwe Podi Wije vije polonnaruve – Anton Johns
Comment