Wil There Piyumak Lese
&

විල් තෙරේ පියුමක් ලෙසේ

Lyrics

විල් තෙරේ පියුමක් ලෙසේ
පිබිදී රැඳී හද මන්දිරේ
යෞවනේ පිරිපුන් සෙනේ
තුන් හිත පුරා නින්නාද වේ

නෙත් පුරා කඳුලක් තබා
දුර පාවෙලා ගොස් ජීවිතේ
සිත් බිඳී සුවපත් නොවී
මිහිදන් වෙලා ලය ආදරේ

වසන්තය නෙතු ලඟ ලැගුම් ගෙන
සුබ දසුන් මවනා නිමේෂෙක
වසන්තය නෙතු ලඟ ලැගුම් ගෙන
සුබ දසුන් මවනා නිමේෂෙක
මුව දොවා නව ලොවක අරුණැල්ලෙන්
සිතනු මොහොතක් මගේ සිතිවිල්ලෙන්

නෙත් පුරා කඳුලක් තබා
දුර පාවෙලා ගොස් ජීවිතේ
සිත් බිඳී සුවපත් නොවී
මිහිදන් වෙලා ලය ආදරේ

අතීතය හිත ලඟ රැඳී හිඳ
ඉකි ලමින් හඞනා විරාමෙක
අතීතය හිත ලඟ රැඳී හිඳ
ඉකි ලමින් හඞනා විරාමෙක
සිනාවක් සේ පිපෙන්නට බැරිවී
සදා මිලිනව හිඳින්නෙමි තනිවී

විල් තෙරේ පියුමක් ලෙසේ
පිබිදී රැඳී හද මන්දිරේ
යෞවනේ පිරිපුන් සෙනේ
තුන් හිත පුරා නින්නාද වේ
නෙත් පුරා කඳුලක් තබා
දුර පාවෙලා ගොස් ජීවිතේ
සිත් බිඳී සුවපත් නොවී
මිහිදන් වෙලා ලය ආදරේ

Wil There Piyumak Lese – Sunil Edirisinghe

More from Aveterone

Featured on

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists