Lyrics
ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
ඔබේ කතා ලග සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි
ප්‍රේමය හැදින්නෙමි
මේ ලෝ තලයේ
ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
ඔබේ කතා ලග සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි
ප්‍රේමය හැදින්නෙමි
මේ ලෝ තලයේ
කුමටද උපමා ඉතිහාසයේ උන්
ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසේ
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා
ඔබේ සිනා ලග … //
Obe numbe nube sina laga langa ඔබේ සිනා ළඟ – Dayan Witharana vitharana
මේ ගීතය ලියවෙන්නේ ජගත් වික්‍රමසිංහ මහතාගේ වැඩිමල් සොහොයුරිය අතින් ඒ ඇයගේ පෞද්ගලික අත්දැකීමකට අනුවයි. ඇය නමින් දේශාංජලී වික්‍රමසිංහ මහත්මියයි.
ගීතයේ පද රචනා වෙන්නේ දේශාංජලී මහත්මිය 80 දශකයේ අග භාගයේ මොරටුව සරසවියේ ඉගෙනුම ලබන කාලයේ. සරසවියේදී ඇය ලැබූ ප්‍රේමණීය අත්දැකීමක් සම්බන්ධව ඇය පොතක ලියා තබනවා.
ගීතයේ මුල් කොටසේ කියවෙන පරිද්දෙන්ම කෙනෙක් තවත් කෙනෙකුට ආකර්ෂණය වන්නේ සිත්ගන්නාසුළු සිනහවෙන්, සහ කතාවෙන්. ඇය මෙම පද පෙළ ලියා තැබුවේ එවැනි දෙයක් තදින්ම සිතට දැනුණු මොහොතක.
මේ ආකාරයෙන් දේශාංජලී මහත්මිය අතින් ලියවෙන පද පේලිය පසු කාලයක අහම්බෙන් ඇගේ සොහොයුරාවන ජගත් වික්‍රමසිංහ මහතාට හමුවෙනවා.
ඔහු සොහොයුරියට යෝජනා කරනවා පොතෙහි ලියූ පද පේලිය හරහා ගීතයක් කරන්නට. පසුව ජගත් මහතා සුදුසු තනුවක් නිර්මාණය කරා.
දේශාංජලී මහත්මිය ගීතය දිගින් වැඩි වූ නිසා ගීතය ලියන්නේ එක් කොලයක දෙපසකයි. නමුත් අවාසනාවකට ජගත් මහතා ගීතය පටිගත කිරීමේදී ඔහු ගීතය එක් කොලයක දෙපසෙහිම ලියා ඇති බව දකින්නේ නැහැ.
ඒ අනුව ගීතය ඉතා කෙටි පද පේලියකින් නිර්මාණය වෙනවා. කෙසේ නමුත් ගීතයේ ජනප්‍රියත්වය වර්තමානයේත් කිසිදු වෙනසක් නම් සිදුවී නැහැ.