Oba Mage Nam

ඔබ මාගෙ නම්

Lyrics

ඔබ මාගෙ නම් බැඳි ආදරෙන්
හැමදාම ඉන්නම් ඉතින්
හසරැල්ලකින් පිළිගන්නනම්
හමුවන්න ආයෙත් ඉතිං

ඔබගේ දයා නෙතු කැන් පුරා
බැඳි ආදරේ සැඟවිලා
හමුවන්න ආයෙත්
ඔබ මෙන්ම මා සිත්
බැඳි ආදරෙන් ළං වෙලා

ඔබ මාගෙ නම් බැඳි ආදරෙන්
හැමදාම ඉන්නම් ඉතින්
හසරැල්ලකින් පිළිගන්නනම්
හමුවන්න ආයෙත් ඉතිං

අප ඒ හැදූ සිහිනේ විමන්
යයිදෝ හැඟුම් විසිරිලා
කඳුලැලි නගා සිත් වේදනා
ඇති වෙයිද ආයෙත් ඉතින්

ඔබ මාගෙ නම් බැඳි ආදරෙන්
හැමදාම ඉන්නම් ඉතින්
හසරැල්ලකින් පිළිගන්නනම්
හමුවන්න ආයෙත් ඉතිං

Oba Mage Nam – Chandrasena Hettiarachchi

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists