Lyrics
නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනි ද මන්දා //
ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
හිතන්නටවත් නොහැකි හින්දා
ඔබේ සිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා
නෙතට උළෙලක් විය එදා ඔබ …
ඔබේ රුව රසඳුනක් වුවත්
කමක් නෑ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිති වෙනු බෑ දරා ගන්නට
නෙතට උළෙලක් විය එදා ඔබ …
Nethata ulelak netata wiya eda oba – Karunarathna Divulgane
Comment