Sihina Nim There

මේ හීනයේ

Lyrics

සිහින නිම්තෙරේ
නෙත් පුරා හැඟුම් පිරේ
සිහින නිම්තෙරේ
නෙත් පුරා නුරා හැඟුම් පිරේ
සුරංගනා නගරයේ
නිම් නැති මාවතේ

අතරමං වෙලා මේ හීනයේ
අතරමං වෙලා නුහුරු නිම්නයේ
මේ හීනයේ අතරමං වෙලා

නෙක පැහැ හැන්දෑවක නැවතීලා
පියවිය නෙතු අද්දර
මත් වූ නෙත් සරයක් දැවටිලා
සීතල සිතුවිල්ලක
හැඟුමන් ඇහැරීලා
ප්‍රේමණීය රිද්මයේ

නාඳුනනා සිනා ආරාධනා ගෙනා
නාඳුනනා සිනා ආරාධනා ගෙනා
මේ හීනයේ අතරමං වෙලා

අතරමං වෙලා මේ හීනයේ
අතරමං වෙලා නුහුරු නිම්නයේ
මේ හීනයේ අතරමං වෙලා

Me heenaye hinaye Sihina nim there- Kasun Kalhara

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists