Punchi panthi wala

පුංචි පංති වල | Punchi Panthi Wala | Song & Lyrics

Lyrics Of Punchi Panthi Wala

පුංචි පංති වල හැබෑම හුරතල්
කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ
උදෙන්ම පාසැල් අරගෙන ආවෝ
මේ පොඩි පැටවුන් දෙමව්පියෝ

පුංචි පංති වල හැබෑම හුරතල්
කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ
උදෙන්ම පාසැල් අරගෙන ආවෝ
මේ පොඩි පැටවුන් දෙමව්පියෝ

මව්වරු ඇති නැති පියවරු දැක නැති
දරුවන් කොතරම් මෙහි ඇතිදෝ
උන්ගේ සිත් වල මොන වගේ දේවල්
මොන විදිහට හිර වී ඇතිදෝ

පුංචි පංති වල හැබෑම හුරතල්
කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ
උදෙන්ම පාසැල් අරගෙන ආවෝ
මේ පොඩි පැටවුන් දෙමව්පියෝ

වැඩිහිටියන්ගේ නොමනා කම් වල
දුක උහුලන්නේ පොඩි දරුවෝ
උන්ගේ නාමෙන් එකමුතු වීයන්
දෙපිළ බෙදී ඇති දෙමව්පියෝ

පුංචි පංති වල හැබෑම හුරතල්
කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ
උදෙන්ම පාසැල් අරගෙන ආවෝ
මේ පොඩි පැටවුන් දෙමව්පියෝ

පුංචි පංති වල හැබෑම හුරතල්
කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ
උදෙන්ම පාසැල් අරගෙන ආවෝ
මේ පොඩි පැටවුන් දෙමව්පියෝ

Punchi Panthi vala – T M Jayarathne

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists