මම නුඹට ආදරෙයි

lyrics

මම නුඹට ආදරෙයි
නුඹෙ පෙමට ආදරෙයි
මට නැතුවට ඔහුට පුදන 
පෙමට ආදරෙයි //

ප්‍රේමය මල් උයනක් යැයි සිතා සිටින විට
විස කටු ළය පුරා ඇනී රිදුම් ලබන කොට
දෝර ගලන නුඹෙ සෙනෙහස ඔහු වෙනුවෙන් කැපවන විට
යා යුතු මඟ නිනවු නැතිව තේරුම් නෑ මට

මම නුඹට ආදරෙයි….

ප්‍රේමය මද පවනක් යැයි සිතා සිටින විට
සුළි සුළඟක් වී ගත සිත තලා දමන කොට
මුතු කුඩයකි නුඹේ සෙනෙහස සදා නිවන ඔහු සරතැස
වෛර කරන්නේ කෙළෙසද අන්සතු පෙමකට

මම නුඹට ආදරෙයි….

Mama nubata adarei adareyi- Krishantha erandaka

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists