මළපොතේ අකුරු

Lyrics

මළපොතේ අකුරු බෑ කී මිනිහා
ඉංගිරීසි පත්තරයක් මුල ඉඳලා අගට බලනවා
අග ඉඳලා මුලට බලනවා
කොහෙන් ඉගෙන ගත්තද මන්දා
මළපොතේ අකුරු බෑ කී මිනිහා

මං කැන්දන් එන දවසේ කන අත්සන ගැහුව කෙනා
පුංචි පුංචි තුන්ඩු කෑලි එකට තියනවා
මෙන්න බොලේ ඉංගිරීසි අකුරු ලියනවා

මළපොතේ අකුරු බෑ කී මිනිහා…..

පාන්දරම කඩේ ගිහින් ගෙනා පත්තරේ බලලා
මූන නරක් කර දෑතේ නියපොතු කනවා
කහට කෝප්පය පැත්තක හීතල වෙනවා

මළපොතේ අකුරු බෑ කී මිනිහා…..

Mala pothe akuru ba baa bae kee ki miniha- Malani Bulathsinhala

More from elon

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists