Mage Wela Langa Unnu Oya

මගේ වෙලා ලඟ උන්නු ඔයා

Lyrics

මගේ වෙලා ලඟ උන්නු ඔයා
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා
හිත අඬනවා තුන්යම නොනිදා
මගෙ පන තාමත් ඔයා නිසා

හුස්මෙ පවා ඉන්නෙ ඔයා
නිතරම මට සිහිවෙනවා
මැව්වෙ ඔයා මටම කියා
හදවත තව පවසනවා

සිතු පැතුමන් පොඩිකර දමලා
යන්නට ගියාට ඈත්වෙලා
හිතකින් ද මුළු ජීවිතේ
මා ලඟම ඔබ සැනසුනේ

පාළුවේ මා තනිවී
ජීවිතේ රිදවනවා
වෙනසක් නෑ මගෙ ආදරේ
ඔබෙ නමටයි මුළු ජීවිතේ

හද ගැඹුරේ වේදනා ඇති
මට විතරක් දුක උරුම ඇති
බොරුවෙන් ද මගෙ ජීවිතේ
ලං ලංව ඔබ රැවටුවේ

පාළුවේ මා තනිවී
ජීවිතේ රිදවනවා
වෙනසක් නෑ මගෙ ආදරේ
ඔබෙ නමටයි මුළු ජීවිතේ

මගේ වෙලා ලඟ …

Mage Wela vela Laga Unnu Oya – Shihan Mihiranga

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists