Gamane Gim Niwu Eda

ගමනේ ගිම් නිවූ එදා

Lyrics of Gamane Gim Niwu Eda

ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා
ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා

මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
වැටහෙන්නෙ දැන්ද ආදරේ සෝක වේදනා
ගන අන්ධකාරේ පාළුවේ කිමිදුණා
තනි වූයෙ ඔබ නොවේ මා පවා තනිවුණා

ගමනේ ගිම් නිවූ එදා

ඔබ මං මුළා වෙලා ගියා පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
හිනැහෙන්න යළි දිලී දෛවයේ තාරකා

ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා
ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා

Gamane Gim Niwu nivu Eda – Milton Mallawarachchi

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists