Soyami Ma

සොයමි මා | Soyami Ma | Song & Lyrics

Lyrics of Soyami Ma

පෑරෙනා සිත සුව වෙනා දින
සොයමි මා දැන් සොයමි මා
සීරෙනා හිත හිනැහෙනා දින
සොයමි මා අද සොයමි මා

සිනාසෙන කාරනා පෙනුනා
නුඹේ සිත මට සෙමින් දැනුනා
ඉතින් මම නුඹ ලඟින් නිවුනා
මගෙ සබඳේ

තරු නෙතු ඉඟිමරා නිවෙනා
ලෙස නුඹ මා දිහා බලනා
විට සිත හිස් බවෙන් මිදුනා
හිනැහෙන කාරණා මැවුනා
අන්සතු නොවී මා උන්නා
නුඹ එයි කියා මට සිතුනා
එදිනට කඳුළු පිස දමනා
බව මා මටම දිවුරුව දා

හිතට බර වූ වේදනා
අතීතය මා පාරනා
විට දි නුඹ දුන් යෝජනා
මා සැනසුනා

සිනහා අතරේ මතු වෙනා
නුඹේ දෑසේ චේතනා
හැදින නුඹ වෙත හද පුදා
බෝ කල් වුනා

තරු නෙතු ඉඟිමරා නිවෙනා
ලෙස නුඹ මා දිහා බලනා
විට සිත හිස් බවෙන් මිදුනා
හිනැහෙන කාරණා මැවුනා
අන්සතු නොවී මා උන්නා
නුඹ එයි කියා මට සිතුනා
එදිනට කඳුළු පිස දමනා
බව මා මටම දිවුරුව දා

Soyami Ma – Umara Sinhawansa

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists