Sudo sudu walakula

සුදෝ සුදු වලාකුළ

Lyrics

සුදෝ සුදු වලාකුළ
සඳේ දැවටී එන්න
එබී මට නුඹෙ මුවට
කිරි සිනාවක් දෙන්න
කිරි සිනාවක් දෙන්න

සුදෝ සුදු වලාකුළ
හිරු අහස සේ ඉන්න
හද ගැබට පායලා
අපේ ලොව එලිවෙන්න
අපේ ලොව එලිවෙන්න

සුදෝ සුදු වලාකුළ
මහපොලොව පිලිගන්න
මලක පිනි නැහැවෙනා
ආදරේ නුඹ වෙන්න
ආදරේ නුඹ වෙන්න

සුදෝ සුදු වලාකුළ
දිනෙක විසිරී යන්න
අහස් ගව් එහා දුර
සුරන් ලොව හමුවන්න
අහස් ගව් එහා දුර
සුරන් ලොව හමුවන්න
සුරන් ලොව හමුවන්න

Sudo sudu walakula valakula – Adithya Weliwatta ආදිත්‍යා වැලිවත්ත

More from Admin

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists