සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා

Lyrics

සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා
කඳුලක් වී සුළ‍ඟේ පා වේවා
සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
ආදරයට සිවු වසරක් ගෙවුණා
ආදරයට සිවු වසරක් ගෙවුණා

රතු මල් කළඹක සුවඳ ගලා ගිය
මනරම් වූ ඒ හැන්දෑවේ
සුදු මල් අහුරක් අතින් තුරුලු කර
කවුරුද හොර රහසෙම හැඬුවේ
කාටද පෙම් ලොව දුක දැණුනේ

සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා…

පෑයූ රන් දේදුනු නිල් අහසේ
වැහි කෝඩෙන් සැඟවී යනවා
මනමාලී ඔබෙ විකසිත පැතුමන්
පවු කල දෑසින් පාරනවා
රෑ සඳ මගෙ තනියට එනවා

සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා…

Sithuwili sithuvili Ganga Denethehi Andena – Chandana Liyanarachchi චන්දන ලියනාරච්චි

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists