මගෙ කඳුලින් නිමාවූ

Lyrics

මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ
ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා

වාසනාවන් අහිමි පෙම්වතියේ
නිමල පෙම් වේදනාවෙන්
නිහඬ වූ වේදනාවෙන්
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා

මගේ කඳුලින් නිමා වූ …

පාළුකුටියේ මා අරාජිත වී
නිදා නොනිදා හිදින රෑ
සිහිනයෙන් හෝ පෙනේවා
ඔබේ සෙනෙහේ නිවුනු පහන්
නොනිමි පහනක් වීලා

මගේ කඳුලින් නිමා වූ …

Mage Kandulin කදුලින් කදුළින් කඳුළින් Nima woo nimavu nimawu – Edward Jayakody

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists